(චන්ද්‍ර සේන ගමගේ)
බෙලිඅත්ත මහහීල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැගව සිටි අයෙකු නිවෙසියෙකුට අද (14) අලුයම වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි පහරින් නිවෙසියා තුවාල ලබා නැති බවත්, ඔහු අසල තිබූ ත්‍රි රෝද රථයට වෙඩි වැදී ඉන් ඔහුට තුවාල වී ඇති බවත් පොලීසිය පවසයි.
තුවාල ලැබූ තැනැත්තා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

