බූරු මුනාට රැකවරණ දුන් යුවළ මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නවයකට අවශ්‍යව සිටි "බුරු මුනා" නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවළක් නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බව නුවරඑළිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදා සෙබළකු වන මිල්ලනිය මල්වත්ත පාර පදිංචිකරුවෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදාවේ සේවයට වාර්තා නොකර සිටි පුද්ගලයෙකි.

බුරු මුනා නමැත්තා ඉකුත් මස 24 වැනි දින මෙම සැකකරු සමඟ කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් කෝරළගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන ව්‍යාජ නමකින් ඩුබායි රට බලා යාමට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත බාර දී තිබිණි.