
(නිශාන්ත කුමාර)
බුර්කාවක් පැළද කාන්තාවක් ලෙසින් බණ්ඩාරවෙල නගරයේ වෙළද සංකීර්ණයක් අසල සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටි 15 හැවිරිදි පාසැල් සිසුවෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය, ප්‍රදේශයේ පදංචි බණ්ඩාරවෙල නගරයේ දමිළ විද්‍යාලයක අධයාපනය ලබන 15 හැවිරිදි පාසැල් සිසුවෙකි.
මොහු පාසැලේ නාට්‍ය හා රංග කලාව හදාරනු ලබන අතර පාසල නියෝජනය කරමින් විවිධ භාරත නැටුම් සදහා පෙනි සිට ඇති සිසුවෙකු බවද භාරත නාට්‍යවල තරුණියක ලෙස අවස්ථා කීපයක පෙනිසිට ඇති බවද විමර්ශනවලදී අණාවරණය වී ඇත.
තම මව විසින් එවන ලද මුදල් වලින් දැනට මසකට පමණ පෙර මෙම බුර්කාව මිලදී ගෙන ඇතැයිද සිසුවා පොලීසියට පවසා ඇත.
තමුන්ට බුර්කාවක් පැළදීමට අසාවක් ඇතිතම වී සහෝදරිය උපකාරක පංති සදහා ගොස් සිටියදි ඇයගේ ඇදුම් සෙරෙප්පු ,සහ ඇයගේ රූපලාවන්‍ය උපකරණ රැගෙන නගරයේ පාලු ස්ථානයකට ගොස් බුර්කාව පැළද නගරයේ සැරිසරමින් සිටි බවද ඔහු පොලීසියට පවසා ඇත.
මොහුගේ මව හා පියා විදේශ ගතව සිටින අතර මෙම සිසුවා සිය සහෝදරිය සමග සිය ආච්චිගේ නිවසේ රැදි සිට ඇතැයිද පොලීසිය කියයි.

