(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අගලවත්ත ,සරණ ගම හන්දියේ ස්ථාපිත කර ඇති බුදු මැදුරේ තැන්පත් කර තිබූ රන් මාලයක් සහිත කරඬුව කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පිත්තලවලින් සාදා ඇති මෙම කරඬුව වටිනාකම රුපියල් 21,000ක් වන බවත් රන්මාලය වටිනාකම රුපියල් 16,000ක් වන බවත් ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බවපොලිසිය සඳහන් කරයි.
මේවා සොරාගෙන ගිය අය ගැන තවමත් තොරතුරු පොලිසියට ලැබී නොමැත.
අගලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

