(ඉන්දිකා රාමනායක)
බලපත්‍රයක් නොමැතිව බීමතින් ත්‍රීරෝද රථයක් පදවා එය යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.
සැකකාර සැරයන්වරයා අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරමින් සිටී පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැරයන්වරයා රාජකාරී විවේකය වාර්තාකර ඊයේ (25) රාත්‍රියේ මත්පැන් පානය කර ඔහුට අයත් ත්‍රී රෝද රථය පදවමින් සිටියදී මහබාගේ ඇලනි වත්ත ප්‍රදේශයට හැරෙන හන්දියේදී ත්‍රී රෝද රථය මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට අනාවරණය වී ඇත.

