
(ඉන්දිකා රාමනායක)
බීඩි කොළ කිලෝ 427 ක්, බෝට්ටු මගින් මෙරටට රැගෙන විත් කල්පිටිය මුහුදේ දමාගොස් තිබිියදී නාවික හමුදා මැරීන් බලඝනය අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
කල්පිටිය පාරමුනෙයි මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නිරත නාවික හමුදා සාමාජිකයන්ට මුහුදු පාවෙමන් තිබු සැකකටයුතු පොහොර උර 10 සොයාගෙන ඇති අතර, ඒවා පරික්ෂා කිරීමේ බීඩි කොළ බවට හෙළි වී ඇත.
කිසියම් ජාවරම්කරුවන් පිරිසක් මේවා ගොඩබිම වෙත රැගෙන එමින් සිටියදී නාවික හමුදා දැක මෙම සියලු උර මුහුදට දමන්ට ඇති බවට නාවික හමුදාව සැකකරයි.
නාවික හමුදාව මෙම වසර තුළ සිදුකළ මෙහෙයුම් 34 න් වරින් වර මෙරට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළම කිලෝ 7585 ක ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන ඇති බව නාවික හමුදාව කියයි.

