(විමුක්ති එස් රුද්‍රිගු)
ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ජෝන් කීල්ස් සමාගම ආනයනය කර ඇත්තේ කිලෝ වොට් සීයක ධාරිතාවෙන් යුතු වාහන බවද එම නිවේදනය සඳහන්වේ.
එම වාහන සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පැහැදිලි කිරීම් ලබාදීමට සමාගම කටයුතු කරන බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය බලධාරීන්ට ලබා දෙන බවත් එම නිවේදනයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරියේදී පාරිභෝගිකයන්ට ලබාදීමට සමාගම කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්වේ.