
(දයාරත්න ඇඹෝගම)
විවාහක බිරිද විසින් මෝල් ගසකින් හිසට පහරදි 67 හැවිරිදි සිය සැමියා ඝාතනය කොට ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
මේසේ ඝාතනය කොට ඇත්තේ කිරින්දේගම,මිහින්තලය යන ලිපිනයේ පදිංචිව සිටි ආනන්ද සිසිරකුමාර(67)නැමති රජරට රට සංවර්ධන බැංකුවේ සේවය කළ විශ්‍රාමික දෙදරු පියෙකි.ෙ
පවුල් ආරාවුලක් දුරදිග ගොස් ඇතිවු බහින් බස්විමකදි බිරිද විසින් මියගිය අයට නිවස තුලදිම මෝල් ගසින් පහරදි ඇතැයි පොලිසිය කියයි.ෙ
එම පහර දිමේන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා පවුලේ ඥාතින් විසින් මිහින්තලේ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව එහිදි මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිද 67 හැවිරිදි විශ්‍රාමික බිරිද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

