බිරිය මරා සැමියා පොලීසියට බාර වෙලා


(රංජිත් රාජපක්ෂ   )                    

පොරවකින් පහර දි බිරිද ඝාතනය කළ සැමියා අද (26) අලුයම නුවරඑලිය පොලිසියට භාර වු බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසිය.

මෙසේ පොරවකින් පහර දි ඝාතනය කර ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඔලිපන්ට් වතු යායේ ඉහල කොටසේ පදිංචි සුබ්‍රමණියම් සත්‍යවාණි (26) නැමති දෙදරු මවකි.

සැමියාට ආහාර රැලෙන ඒමට ගිය බිරිද ආහාර රැගෙන ඒමට ප්‍රමාද විම ගැන සොයා බැලිමේදි බිරිද දුරකථනයෙන් කථා කරමින් සිටිනු දුටු සැමියාට කෙන්තිගොස් ඇති වූ බහින්බස්වීම දුරදිගගොස් මෙම ඝාතනය සිදු කර ඇතැයි සැමියා පොලීසියට පවසා ඇත.

 මිය ගිය දෙදරු මවට අවු 7 සහ අවු 3 දියණියන් දෙදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගත් සැකකරු  නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.