බිරිය මරා සැඟවී වස බීලා


(එම්. කේ. නන්දසේන)

පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටියදී කතරගම පොලීසිය විසින් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් සැකකාර ස්වාමිපුරුෂයා වස වර්ගයක් පානයකර තිබූ හෙයින් ඔහු කතරගම දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කොට ඇතැයි කතරගම පොලීසිය කියයි. 

මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ ආර්.කේ. නිලන්ත ප්‍රදීප් කුමාර නැමති අයෙකි. රෝහලේ අංක එක වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවන ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නැතැයි වෛද්‍යවරු පවසති.

මෙම සැකකරු පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිය සමග බහින්බස්වී පෙරේදා 28දා උදෑසන  බිරියගේ හිසට පොරවකින් පහරදී බිරිය ඝාතනය කොට සැඟව සිටි බව පොලීසිය කියයි. පොලිසියේ ආරක්ෂාව යටතේ මොහු ප්‍රතිකාර ලබමින් පසුවෙි.