බිරිය ඝාතනයට පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී අද අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව තිබුනේ එල්බොඩ කටුපිටිය, පබේගම ජන උදාන ගම්මාන පදිංචිව සිටි සදාසිවම් නිරංජලා 25 නමැති කාන්තාවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර උඩුපුස්සැල්ලාව , සොගමාවත්ත , ඩි සි 4 කොටස ලඳු කැළෑවක තිබියදී සොයාගත් බව පොලිසිය පොලිසිය කියයි.

මළ සිරුර තිබූ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පුස්සැල්ලෑව රෝහල කරා යන අතුරු පාරක් ද ඇතැයි පොලිසිය කියයි,

ලණුවක් වැනි දෙයකින් ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදුව ඇති බවට බැලූ බැල්මට දක්නට ලැබුණ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම කාන්තාව සමඟ මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර දෙනාම කළුබෝවිල ප්‍රදේශයේ කාමරයක කල් ගෙවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අඹු සැමි යුවළ කොළඹ සිට පුස්සැල්ලාව තෙක් පැමිණ ඇති අතර සැකකාර පරිගණක ඉංජිනේරුවරයා කාන්තාවගෙන් දික්කසාදය සඳහා කැමති වන ලෙස ඉල්ලා පුස්සැල්ලෑව නගරයේ දී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව සැකකරු කොළඹ පැමිණ බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.