බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය. 

මෙම වසර මුලදී දෙරටෙ හි ජනාධිපතිවරුන් ගේ හමුව පිළිබදවත් එහි දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.

නව චීනය පිහිටුවීමෙන් පසු, රට ස්ථාවරව ගොඩනැගීමේ දී චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සිදුකළ කැපකිරීම් සහ කාර්යභාරය පිළිබවත් එම කටයුතු වලදී ජනතා විශ්වාසය දිනා ගනිමින් ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමත්, පක්ෂය ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟින් වර්ධනය කරලීමත්, දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත පිළිබදව සහ පක්ෂ විනය පවත්වාගෙන යෑම අවශ්‍යතාවය පිළිබදවත් මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ.