බිඳ වැටුණු කර්මාන්ත ගැන කියන්න දුරකථන අංකයක්


(අංජුල මහික වීරරත්න)

'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත පිළිබඳ දත්ත රැස්කර කර්මාන්ත නැවත නඟා සිටුවීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය කියයි.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට 0712666660 දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටී.

දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර දත්ත  ලබාදීම සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැකිය.