බිත්තර හතරට ලක්ෂ පහක දඩයක්


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට  අලෙවි කල බලන්ගොඩ නගරයේ  ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක  දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය නියෝග කළාය.

සුදු බිත්තර 4 ක් රැපියල් 260 ක මිලකට අලෙවි කිරීමේ චෝදනාවට වැරදි කරුවු මෙ වෙළෙඳ ආයතනයට එසේ දඩ නියම විය.ෙ

උපාය දුතයකු මගින් අදාල වෙලෙදසලින් බිත්තර මිල දි ගත් බවත් එක් බිත්තරක් රැපියල් 65 බැගින් බිත්තර හතරක් සදහා රුපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බවද පාරිභෝගික අධිකාරියේ නිළධාරිහු පැවැසුහ.

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සදහා වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළාය.

රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන නිළධාරිනි හර්ශනි දසනායක මහත්මිය විසින් සංවිධානය කළ මෙම වැටලිම සදහා නසික් අහමඩ් , නදිිශ ලියනගේ යන නිළධාරිහු එක්ව සිටියහ.