(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.
ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම්දී ඇති බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භකළ හැකි වෙතයි ඔහු විශ්වාසය පළ කළේය.

