
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ .
ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා " රන් මාවත " ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය.
මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති .
බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

