
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප. ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
COMMENTS