බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ) 

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 

ඒ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා ද වෙයි.

 අද අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.