(නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හා එහි සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.
පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය මගින් මොවුන් පස් දෙනා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා




