බැංකු පනත විවාදයට නොගත් රහස පාඨලී හෙළි කරයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකු පනත විවාදයට නොගත්තේ  විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොව  මහ බැංකු පනත අනුමත වුණා නම් ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකාව නැවතත් පරණ මාවතටම වැටීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ද රණවක මහතා කීය.

"මේ යන්නේ පරණ පාරෙමයි. මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකු අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති ගිය පාරේ.

ඒ අයවැය පරතරය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලියයි. ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා. ඒකෙන් තමයි මේ අධි උද්ධමනය ඇති වුණේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොළී අනුපාතයක් දීලා හරි වෙළඳපොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ වුණේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මෙයින් සිදුවන්නේ යනුවෙන් ද චම්පික රණවක මහතා.