(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය ප්‍රදේශයේ කාන්තා විදුහල් දෙකකට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසුන් 20 දෙනෙකුට අද (03) සවස තරයේ අවවාද කර විදුහල්පතිවරයාට හා දෙමාපියන්ට බාරදුන් බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 පිහිටි ප්‍රධාන පාසලක සිසුන් පිරිසකි.
මෙම සිසුන් කණ්ඩායම් වශයෙන් වාහන වලින් පැමිණ බාලිකා පාසල් දෙකකට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එම පාසල් වලින් පොලිසියට කළ දැනුම් දීමක් මත විශේෂ පොලිස් කණ්ඩායම් පැමිණ සැකකාර සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

