(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දුනීසියාවේ බාලි දූපතට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද(29) අලුයම රික්ටර් මාපකයේ 7.1 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.බාලි හි වෙරළබඩ ප්‍රදේශ වලට භූමි කම්පාවේ බලපෑම හොඳින් දැනී ඇත.
භූමි කම්පාවෙන් පසුව රික්ටර් මාපකයේ 6.1 සහ 6.5 ක අගයක් ගත් පසු කම්පන දෙකක්ද හටගත් බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.භූ කම්පනය හට ගැනීම සමඟ ඇතැම් සංචාරකයන් ඔවුන් රැඳී සිටි හෝටල් කාමර වලින් එළිමහනට දුව ආ බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් භූමි ජීවිත හානි සිදු වූ බවට වාර්තා වී නොමැති බවද එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

