(යොහාන් භාසුර)
වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම පැමිණිළි මත වෙළෙඳපොලේ ඇති වානේ පරීක්‍ෂා කරමින් සිටින බව කී එම නිලධාරියා කිසියම් හෝ සමාගමක වානේ ප්‍රමිතියෙන් තොර යැයි පරීක්‍ෂණවලින් සනාථ වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද සඳහන් කළේය.

