(ප්‍රියාණි මංගලිකා )
බාල වයස් දැරියක් අතවරයට ලක් කල බව කියන දැරියගේ සහෝදරියගේ ස්වාමියා (36) සහ එම සහෝදරිය (28) අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය පවසයි .
අතවරයට ලක් වූ බව කියන 15 වියැති දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කල බවද පොලීසිය පවසයි .
සැකකාර සහෝදරිය දැරියගේ මවගේ කලින් විවාහයේ දියණියක් වන අතර ,දින කීපයකට පෙර ඇය මව සමග.සිටි දැරිය තම නිවසට කැඳවාගෙන ගොස්අ,ඇති බවද ,ඇය නිවසේ නොමැති අවස්ථාවේ දහවල් කාලයේ දැරිය මෙම සිද්ධියට මුහුණ දී ඇති බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .
දැරිය සහෝදරියගේ නිවසේ දහවල් කකාලයේ සාලයේ රූපවාහිනීය නරඹමින් සිටින අවස්ථාවේ සැකකාර මස්සිනා විසින් දැරිය කාමරයකට රැගෙන ගොස් අතවර කල බවට දැරියගේ මව විසින් පොලීසියට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරමින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරු සහ සැකකාරිය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.

