බාප්පාගේ යකඩ පොලු පහරින් දරුවෙක් මරුට


(ප්‍රසංග පෙරේරා)

මවගේ දෙවන  සැමියා  බව කියන පුද්ගලයකු එල්ල කළ යකඩ පොලු පහරකින් 17 හැවිරිදි බාල වයස්කරුවකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි .

කදාන දකුණු බටගම නිවෙසක සිදුවූ බහින් බස්වීමකදී ඉකුත් 12 වැනි දා පහර කෑ මෙම බාලවයස්කරුවා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රාගම රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙසේ මියගොස් ඇත්තේ දිල්ෂාන් ඩැනියෙල් (17) බාලවයස්කරුවෙකි.

පහර දුන් පූද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.