විජේරත්න රත්නායක
වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස අරගලයේදී ඌව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍යයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ජනතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඌව පළාත් සභාව සූදානම් වෙයි.
ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට වසර 200 ක් සපිරෙන ඉදිරි නොවැම්බර් මාසයේදී එය හුදෙක් තවත් එක් සැමරුමක් බවට පමණක් පත් නොකර එම අරගලයට දායක වූ සියළු දෙනාගේ අරමුණ සඵල කරමින් ඌව පළාතට අහිමිව ගිය සශ්‍රීකත්වය හා අභිමානය සමඟ පළාත යළි ගොඩනැඟීම උදෙසා පුළුල් ආර්ථික සමාජයීය වැඩ පිළිවෙලක් සහිතව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට යා යුතු බවට ඌව පළාත් සභා (ජ.වි.පෙ) මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඌව පළාත් සභාවට ගෙන ආ යෝජනාවක් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් අතුරු යෝජනාවක් ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම යෝජනාව ඌව පළාත් සභාවට ඉදිරිපත් කළේය.
සිය කතාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ අතීත හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිදු යටත් විජිතයකට සිදු නොකළ තරමේ දැවැන්ත විනාශයක් බ්‍රිතාන්‍යයන් ඌවට සිදුකළ නමුත් උතුරේ යුද අපරාධ ගැන කතා කරන කිසිවෙකු ඌවට සිදුවූ අසාධාරණය ගැන කතා නොකරන බවයි.
එසේම පැවැති රජයන් පවා වෙනත් පළාත් තුළ සිදුකළ සංවර්ධනය ඌවේ සිදු නොකළ බව පෙන්වාදුන් හෙතෙම පළාත ගොඩනැඟීම පිණිස ලක්ෂ පහළොවක් පමණ වූ පළාතේ සියළු ජනතාවගේ අත්සනින් යුතු පෙත්සමක් රැගෙන පළාත් සභාවේ මහජන නියෝජිතයින් තිස්හතර දෙනාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් බ්‍රිතාන්‍යයන් එදා පළාතට සිදුකළ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලිය යුතු බවට යෝජනා කළේය.
තවද පසුගිය යුද සමය අවසානයේ පුදු මාතලන්හි සිදුවූයේ මානුෂික මෙහෙයුමක් වන අතර 1818 දී ඉංග්‍රීසින් ඌවේ ගම්බිම් වනසමින් සමූලඝාතනයක් සිදුකළ බවත් අදටත් ඌව පළාත නොදියුණුව පැවැතීමට ඒ අමානුෂික ප්‍රහාරය හේතුවී ඇති බවත් ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එහිදී පැවසීය.
බ්‍රිතාන්‍යයට එරෙහිව ඌව පළාත් සභාව ජිනීවා යන්න සැරසෙයි
Recommended Articles