(සුජිත් හේවාජුලිගේ )
ප්‍රකට සිවිල් සේවකයකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස සැලකෙන බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අද අභාවප්‍රාප්ත විය
මිය යන විට 94 වෙනි වියේ පසු ඔහු අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තුන්දෙනෙකු යටතේ ලේකම් ධූරයේ සේවය කර තිබීම විශේෂත්වයකි.
1954 වසරේදී සිවිල් සේවයට බැඳුණු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා හිටපු අග්‍රාමාත්‍යවරයක වන ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ලේකම් වශයෙන් මුලින්ම කටයුතු කළේය.
කළුතර හෝලික්‍රොස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා ගත් ඔහු පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. හෙතෙම එම විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් ගෞරව උපාධියද පසුව ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගත්තේය.