බස්නාහිර


(රංජන් කස්තුරි)

කොළඹ නගර ශාලාවේ අලුතින් ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබූ අතර එම නිසා මහනගර සභාවේ කෝටි 19කට අධික මූල්‍ය පාඩුවක් සිදුව ඇතැයි කොළඹ නගරයේ සංවර්ධන කටයුතු පවත්වාගන යාම වැළැක්වීම පිළිබඳව සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ. 

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉකුත් 2021 වසරේ ජූලි මාසයේදී එම ගොඩනැගිලි ව්‍යාපෘතිය අත්හිටුවීමට නියෝග කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බව ද එම විමර්ශන වාර්තා වේ සඳහන් වේ.