බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තව දුරටත් නවතයි


(යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තව දුරටත් අත්හිටුවීමට බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පනවා තිබීම නිසා බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තව දුරටත් අත්හිටුවූ බවත් එම කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය නොකරන බවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවයි.

බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුවේ අඅඅගපදඑදරඑර්සෛජගඅචගටදඩගකන යන වෙබ් අඩවියට පිවිසීයමන් ආදායම් බලපත්‍ර ලබාගත හැකි බව ද බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව කියයි.