( තිළිණි ද සිල්වා)
බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම, මාර්ගගත (ඔන්ලයින්) හා කෙටි පණිවුඩ සේවාව මගින් සිදුකල හැකිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියා සිටී.
බස්නාහිර පළාත් 20-30 අතර ජනතාව මෙම එන්නටත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20+ සියලු දෙනාම එසදහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේ වන විට ආරම්භ කර තිබෙන බැවින් සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ 1906 යන අංකයෙන් කෙටි පණිවුඩ ද සේවා හා ලියාපදිංචි වීමේන් එන්නත ලබා ගැනීම පහසුවන බවද එම නියෝජිතායතනය පෙන්වා දේ.
සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය , කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජංගම දුරකථන සේවාවන් සමග ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

