බස් රියදුරා කපා කොටා ඝාතනය කරලා


(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන්)

හංවැල්ල තුම්මෝදර මංසන්දිය ආසන්නයේදී ඇගළුම් බස් රථයක බස් රථ රියදුරකු අද (15) දින උදෑසන කපා කොටා ඝාතනය කර තිබියදී හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි

ඝාතනයට ලක් වූ පුද්ගලයා මාර්ග‌ය අසල මල් ගසක් ලඟ සිටියදී පෙරවරු 5.55 ට පමණ  සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු  වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයෝ දුම්රියක නැගී පලා යන අවස්ථාවේදී මීගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියට බාර දීමට කටයුතු කර ඇත

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි  දෙදරු පියකි