බස් රථයක මිල එකට එකක් වැඩී වෙලා


(යොහාන් භාසුර)

මගී ප්‍රවාහන සාමාන්‍ය බස් රථයක මිල රුපියල් ලක්ෂ 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බස් රථවල අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ පවසති.

නව බස් රථයක් මීට පෙර රුපියල් ලක්‍ෂ 75ක පමණ මිලක පැවැති බවත් වසර දෙක තුනක කාලයක් තුළ බස් රථයක මිල සියයට 120කින් පමණ ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ කියති.

ලක්‍ක්‍ෂ දෙකක පමණ මිලක පැවැති පමණ බස් රථයක් මේ වන විට රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වී ඇති බව කියන බස් ව්‍යාපාරිකයෝ ඒ හේතුවෙන් පාවිච්චි කළ බස් උපාංග ද සොයාගත නොහැකි වී ඇති බව ද සඳහන් කළහ.

පැරණි බස් මිල ඉහළ යෑම නිසා අමතර කොටස් සඳහා බස් රථ කෑලි කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් ඒ හේතුවෙන් බස් කර්මාන්තය මේ වන විට දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් බස් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.