(අමරසිරි රණසිංහ)
ඌරගස්මංහන්දිය අම්බලන්ගොඩ මාර්ගයේ මඩකුඹුර ප‍්‍රදේශයේදී අද (05) සවස පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව තුවාලකරුවන් ගිලන් රථ මඟින් හා පෞද්ගලික වාහන යොදා ගනිමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
තුවාලකරුවන් බොරකන්ද, ඇල්පිටිය හා බලපිටිය යන රෝහල් වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

