(අංජුල මහික වීරරත්න)
කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පහළොවක් ගොඩ නැගීම සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන් කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (15)පැවැසීය.
කෝච්චි, බස් හා ටැක්සි එකම ස්ථානයෙන් ලබාගත හැකි පරිදි එම මධ්‍යස්ථාන ඉදි කරන බවද අමාත්‍යවරයා කීය.
2029 වසර විට ලංකාවේ වැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පනහක්වත් ඇරැඹීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කීවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
"රටේ ප්‍රවාහනය ශක්තිමත් කිරීම අපගේ මූලික අරමුණක්. කොච්චර පාරවල් හැදුවත්, කොච්චර ට්‍රැපික් ලයිට් දැම්මත්,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැතිනම් රටක ආර්ථිකය දියුණු කරන්න බෑ.රටක ආර්ථික ක්‍රියාවලියේ ලොකු කොටසක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්.පසුගිය අවුරුදු තිහ හතළිහ තිස්සේ පොදු ප්‍රවානයට නොසලකා හැරීම නිසා මෙන්ම වංචා දූෂණ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය විශාල වශයෙන් බිඳ වැටී තිබුණා.
මේ රටේ මිනිස්සු මේ ප්‍රධාන බස් නැවතුම්පොළ පාවිච්චි කළේ කොහොමද කියා අවබෝධයක් ගැනීම සඳහා ජනාධිපතිතුමාට වෙලාවක් තිබේ නම් විනාඩි පහක් මේ අවට ඇවිදින්නැයි අප ඉල්ලා සිටිනවා.
බස් නැවතුම්පොළ කියන්නේ මිනිස්සුන් හම්බවෙන යාළුවෙන තැනක් විය යුතුයි, යනුවෙන්ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කීය.