
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ )
ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදි ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටිමෙන් පෞද්ගලික බසයේ පිටුපස අසුනේ කෙළවරේ වාඩිවි සිටි තරුණයෙකුගේ දකුණු අත වැලමිටට ඉහළින් වෙන්ව සිදු වූ අනතුරින් පසු අතෙහි වෙන් වූ කොටසද සමඟ තරුණයා රෝහලට ඇතුළු කර තිබේ.
අද ( 04) දහවල් මෙම අනතුර සිදු විය.
තරුණයාගෙන් වෙන් වූ අතෙහි කොටස සොයා ගැනීමට ව්නාඩ් 20 ක පමණ කාලයක් ගත වී ඇතැයි ද පොලීසිය කියයි. අනතුරුව ආරක්ෂිත අයුරින් එය රෝහලට රැගෙන යාමට රැස්ව සිටි පිරිස් කටයුතු කර තිබිණි.
ලංගම බස් රථය මොණරාගල සිට කොළඹ දක්වාත් පෞද්ගලික බසය රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වාත් ගමන් කරමින් තිබියදී අනතුර සිදුවී තිබේ.
කහවත්ත මුලික රෝහලට ඇතුළු කරන ලද තරුණයාට මුලික ප්‍රතිකාර ලබාදිමෙන් පසු ඔහු රත්නපුර මහා රෝහලට ඇතුළත් කර ඇති අතර වෙන්වු
අතේ කොටසද රෝහලට රැගෙන ගොස් තිබේ .

