( සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ දී අද (15) කාන්තාවක් බසයෙන් බැස බසයට ඉදිරියෙන් පාර මාරුවීමට ගොස් එම බස් රථයටම යටවී ජීවිතක්ෂයට පත්වී ඇති බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මකුල් ඇල්ල පදිංචි 65 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය කියයි.
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකින් පැමිණි මෙම කාන්තාව බසයෙන් බැස පාර හරහා බසයට ඉදිරියෙන් මාරුවීමට යාමේදී එම බස් රථයටම යටවී බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය කියයි.
බස් රථයේ රියදුරු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

