ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීරණයක් වන ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂ අටක නායකයෝ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමති විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, ඇමති වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනය මෙසේය.


