බලපත් නැතිව ඉන්ධන රැස් කළ 2ක් මාට්ටු


(සිතුම් චතුරංග)

බලපත්‍ර නොමැතිව ඉන්ධන තොග රැස්කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය චුන්නාකම්, මයිලන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලිසිය පවසයි.

වැඩි මිළට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබෙන ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව ව්‍යාපාරිකයින් දෙදෙනාගේ නිවෙස් සිදුකළ පරීක්ෂාවකදී භූමිතෙල්, ඩීසල් හා පෙට්‍රල් බැරල් 11 ක්  සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබි භූමිතෙල් ලීටර 1670 ක්, පෙට්‍රල් ලීටර 370 ක් හා ඩීසල් ලීටර 249 ක් තිබි සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

එක්රැස්කරන පෙට්‍රල් ලීටරයක් රුපියල් 500 ක පමණ මුදලකට අලෙවි කරන බවත් ඩීසල් හා භූමිතෙල්ද ඉල්ලුම අනුව අධික මිල ගණන් යටතේ අලෙවිකරන බවට අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

ඉන්ධන හිඟය මතුවූ දිනයේ සිට සැකකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හල් සේවකයින් සමඟ එක්ව ඉන්ධන රැස්කොට වැඩිමිලට අලෙවිකොට ඇති බවත් කීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය චුන්නාකම් , මයිලන්කාඩු හි පදිංචි අවුරුදු 46 ක් හා 48 ක් වයසේ පසුවන්නෝ වෙති.