(සුමිත් පොතුපිටිය)
සාගල රත්නායක මහතාගේ ලේකම්වරයෙකු ලවා ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදීම පිණිස ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගත් බව කියන හිමි නමක අද(21) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පුරාණ විහාරස්ථානයක වැඩවසන 30 හැවිරිදි හිමි නමක බව පොලිසිය සඳහන් කරයි.
පානදුර උතුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .