
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විසින් දින දෙකක් පැවැත්වු වෘත්තීය ක්‍රියාමාර්ගය අද (17) සවස සිට ලබන සදුදා (23) දක්වා තාවකාලිකව නතර කළ බවත්, සියලු හෙද නිලධාරින් සේවය සදහා එක් වු බවත් රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සහ රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයෝ පැවැසුහ.
රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය අංශයේ විනය කමිටුව සමග අද (17) දා සවස පැවැති සාකච්ඡාවකදී ගත් තිරණයක් මත එය තාවකාලිකව නතර කල බව එම සංගම් පවසයි.
හෙද නිලධාරිණියකට පහර දුන් සුළු සේවකයා පිළිබඳව විනයානුකූල පියවරක් ගන්නා බවට දිස්ත්‍රික් සෞඛ්‍ය අංශයේ විනය කමිටුව පොරොන්දුවීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවත් එලෙස විනයානුකූල පියවරක් නොගතහොත් ලබන (23) වැනිදා සිට රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වල හෙද නිලධාරින් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද එම සංගම් දෙක අනතුරු අගවති.

