(සම්පත් ප්‍රියනන්දන)
බලංගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම මාර්ගයේ නාය යැමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනට සම්පුර්ණයෙන්ම බාධා ඇති වී තිබේ.
ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමඟ අද (31) ස්ථාන කිහිපයක දී නායයෑම සිදුව තිබෙන බව ඉඹුල්පේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආපදා අංශය පවසයි.
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විහාරවෙල ග්‍රාම සේවා වසමේ ස්ථාන කිහිපයකදිම මෙලෙස ඉහළ ගලගම මාර්ගය නායයෑමට ලක්ව තිබෙන බව ඉඹුල්පේ ආපදා සහන සේවා නිළධාරි අමිල සමිපත් මහතා පැවසීය.
එක් ස්ථානයක මාර්ගයේ කොටසක් පහළට ගැලවි ගොස් ඇති අතර තවත් ස්ථාන කිහිපයකිදි මාර්ගයට ගස් ගල් සමග පස් කදු කඩා වැටි තිබෙන බව සමනල වැව පොලිසිය පවසයි.