බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට : 7 ක් රෝහලේ


(ඩබ්ලිව්. ඒ. අසේල) 

අද සවස තලාතුඔය කෝන්ගහකොටුව ප්‍රදේශයේදී පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.

බඹර ප්‍රහාරයෙන් අසාධ්‍ය වූ වයස අවූරුදු හැත්තෑවක් පමණ වූ මියගිය පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.