(අංජුල මහික වීරරත්න)
තමාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිතව සිටි ඒ බව නොදත් රියැදුරු මහතකු තම රථය ධාවනය කළ අවස්ථාවකදී තමා මුහුණු ආවරණය නොමැතිව ගමන් කිරීම නිසා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මීට පෙරත් අවස්ථා කිහිපයකදීම තමා කොරෝනා වැළඳුණු අයගේ ආශ්‍රිත බවට පත්ව ඇතත් ඒ අවස්ථා වලදී නිසි පරිදි මුහුණු ආවරණය පැළඳ සිටි නිසා නිරෝගීව සිටින්නට හැකිවූ බවද බන්දුල ගුණවර්ධන මහතා කියයි.
මොහොතකට හෝ මුහුණු ආවරණය ඉවත් නොකරන්න ලෙස පෞද්ගලිකව ලැබූ අත්දැකීම අනුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

