බන්දුල ගුණවර්ධනටත් කොරෝනා


(නිමන්ති රණසිංහ)

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත .

අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී තමන්ට ද කොවිඩ් ආසාදිත වී ඇට්ජි බවට හඳුනා ගත් බව අමාත්‍යවරයා සිය මුහුණු පොතේ සඳහන් කර ඇත.

වෙළද අමාත්‍යවරයා ඊයේ 27 ජනාධිපති මැදුරේ පැවති කෝවිඩ් රැස්වීම සඳහා ද සහභාගි වී සිටියේය .