(ප්රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්රික්කයේ සිදුවු ආපදාවන් වලින් දිස්ත්රික්කයේ වැව්,අමුණු,ඇලමාර්ග 920 ක් විනාශවී ගිය බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්රික් කාර්යාලය අද (1) පැවසීය .
මේඅනුව දිස්ත්රික්කයේ වැව් 19ක්, අමුණු 276ක් සහ ඇලමාර්ග 625ක් මෙලෙස විනාශවී ගොස් ඇති බවත් කීය .
බදුල්ල දිස්ත්රික්කයේ ඉකුත් දිනවල පැවති ධාරානිපාත වර්ශාවත් සමඟ මෙසේ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි වැව්, අමුණු ඇලමාර්ග විනාශවී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි .

