බදුල්ලේ දූවිලි අංශු සාන්ද්‍රණය ඉහළට


(සමන් පාලිත නානායක්කාර )

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ දූවිලි අංශු සාන්ද්‍රනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ ගොස් ඇති බවට වාර්තා වන බව බදුල්ල ආපදා  කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 

ශ්‍රී ලංකාව තුළට බාහිරින් හමා එන සුළං වල පවතින කුඩා ප්‍රමාණයේ දූවිලි අංශු  මේ දිනවල රට අභ්‍යන්තරයට පැමිණ බදුල්ල දිස්ත්‍රික්කය පුරා වායුගෝලයේ ව්‍යාප්ත වීම මේ තත්වයට බලපා තිබේ. 

කඳු පද්ධතියේ ඈත දර්ශනය බලන විට අඳුරු පැහැති මීදුම්  තත්ත්වයක් දර්ශනය වන බවද කියයි. 

 මෙය සාමාන්‍ය වායුගෝලයේ පැවතිය යුතු  දූවිලි ඝනත්වයට වඩා ඉහළ ඝනත්වයක් බවට තොරතුරු අනාවරණය වන බව ඒ මහතා පැවසීය.

 මේ හේතුව නිසා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බවත් විශේෂයෙන් මේ තත්ත්වය යටතේ කුඩා දරුවන් වැඩිහිටියන් ස්වසන ආබාධ ඇති අය ප්‍රවේශම් වීම  වැදගත් බවත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශවලද විශේෂ අවධානය යොමුවී ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂ අවධානය යොමු කර ඇති බවද උදය කුමාර මහතා වැඩිදුරටත්  පැවසීය.