
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම් හළ අසළ පිහිටි ඓතිහාසික විශාල වැල්බෝධිය අද (10) දිනයේ මුළුමනින්ම ගැලවී කඩා වැටී එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
වැල්බෝධිය කඩා වැටීමෙන් යතුරුපැදියක්, මෝටර් රථ දෙකකට, ලොරියකට,ත්‍රීරෝද රථයකට දැඩි ලෙස අලාභ හානි වී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය ඇණ හිට තිබූ අතර නගරයේ විදුලි රැහැන් පද්ධතිය කඩා වැටීමෙන් විදුලිබලය ද ඇණ හිට තිබිණි.



(ඡායාරූප - දිමුතු සඳරුවන්)

