(පාලිත ආරියවංශ)
බදුල්ල ශික්ෂණ රෝහලේ වසර තුනක පමණ කාලයක් ඉඳිකිරීම් ඇනහිට තිබූ පස් මහල් පිළිකා ප්‍රතිකාර සංකීර්ණයේ ඉඳිකිරීම් හිලරි විශ්වජිත් හා රමණි විශ්වජිත් යුවලගේ රුපියල් ලක්ෂ 750 ක මූල්‍ය පරිත්‍යාගයෙන් මාස තුනක් තුළ අවසන් කර විවෘත කිරීම (22) දින උත්සවාකාරයෙන් සිදුවිය .
සය මහල් ගොනැගිල්ලක් වන මෙම ප්‍රතිකාර සංකීර්ණයේ 2019 වසරේදි මුල්ගල තබා වැඩි ආරම්භ කර තිබිණ .එහෙත් රටතුළ උද්ගතවූ මූළ්‍ය අර්බුධය නිසා මෙම ඉදිකිරීම අතරමග නතරවිය. හිටපු පාර්ලිමේන්තු අමාත්‍ය වරයෙක් වන ලක්ෂමන් සෙනවිරත්න මහතාගේ සම්බන්ධිකරණය යටතේ මේ පිළිබදව අවධානය යොමුකල මෙම දානපති යුවල අභාවප්‍රාප්තවූ තම දෙමාපියන්ට පින් පිණිස මෙම පින්බර සත්කාරයට දායකවී තිබේ.
මෙම ගොඩනැගි පහසුකම් නිසා පිළිකා රෝගීන්ගේ ඇඳන් රෝඇදන් සංඛ්‍යාව 260 දක්වා ඉහළ ගොස් ලංකාවේ දැනට තෙවන ස්ථානයේ පසුවන බදුල්ල ශික්ෂන රෝහලේ පිළිකා ප්‍රතිකාර සේවාව දිවයිනේ පළමු තැනට විශාලතම සේවා සපයන ස්ථානය බවට පත්වෙන බව බදුල්ල මහ රෝහලේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ උපුල් කරුණාරත්න මහතා මෙහිදී පැවසීය.
පිළිකා සායන සඳහා පැමිණෙන රෝගීන් හය සීයකට පමණ පහසුකම් ලබාදිය හැකි බවත් අනෙකුත් සේවාවන්ටද විශාල පිටුබලයක් වන බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන්කළේය.

