බදුල්ල පළාත් මහ රෝහලේ කැන්ටිම අඩු ලංසුවට දීලා


(යොහාන් භාසුර)

බදුල්ල පළාත් මහ රෝහලේ පාලනාධිකාරිය එම රෝහලේ ආපනශාලාව වසරකට රුපියල් ලක්ෂ 50කට ආසන්න අලාභයක් වන ලෙස අඩු ගෙවීම ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ලබාදී ඇතැයි එම රෝහලේ සේවකයෝ පවසති.

එම රෝහලේ ප්‍රධානියෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු එකතුව පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ආපනශාලාව ටෙන්ඩර්ය පසුගිය වසරේ අග ප්‍රදානය කර ඇති බව ද සඳහන් වේ.

මෙම ආපනශාලාව පවත්වාගෙන යෑමට මසකට රුපියල් ලක්‍ෂ 8 ක ගාස්තුවක් ඉදිරිපත් කර තිබියදී ලක්‍ෂ 4 ක් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ආපනශාලාව දී ඇති බව කියන සේවකයෝ එම රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියෙක් එම ටෙන්ඩරය වැඩි ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට නොදී  අඩු ලංසුවක් ඉදිරිපත් කළ පාර්ශවයට දී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු අඩුපාඩුවක් හෝ නොමැති තත්වයක් තුළ බව ද සදඟන් කරති.

එම ටෙන්ඩර්කරු සහනදායී නොවන මිල ගණන්වලට අහාර අලෙවි කිරීම, සෞඛ්‍යාරක්ෂිත නොවන අන්දමින් ආහාර පාන අළෙවි කිරීම  සිදුකරන බවට රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව ද පැවසේ.