(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදුල්ල අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා (20) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
මඩකළපුව මාර්ගය සහ කන්කසන්තුරේ මාර්ගය ජනවාරි පළමු වැනිදා විවෘත කරන බව ඔහු කීය ගුණසේන මහතා මෙසේ පැවසුවේ කාලගුණ ආපදාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේද කීය
ත්‍රිකුණාමලය මාර්ගය මුළුමනින්ම විවෘත කරලා තියෙනවා. අනිද්දා බදුල්ලේ ඉඳලා අඹේවෙල දක්වා කොටස විවෘත කරනවා.
එය සංචාරක කර්මාන්තයටත් වැදගත් වෙනවා. ජනවාරි පළමුවැනිදා වෙනකොට උතුරු මාර්ගයේ කංකසන්තුරේ දක්වාම ධාවනය කරවනවා. දැන් යන්නේ මහවට විතරයි. පුත්තලම මාර්ගයේ දැනට නාත්තන්ඩිය දක්වා ධාවනය වෙනවා. ඒක අපි හලාවත දක්වාම දීර්ඝ කරනවා. ජනවාරි පළමුවැනිදා වෙනකොට මඩකළපු මාර්ගයත් සම්පූර්ණයෙන්ම විවෘත කරනවා.
වත්තේගම මාතලේ කොටස ජනවාරි 15 වෙනකොට විවෘත කරනවා. එතන දුම්රියක් හිර වෙලා තියෙනවා. පාර තාවකාලිකව හදලා දුම්රිය එළියට ගන්න කටයුතු කරනවා. පෙබරවාරි පළමු වැනිදා වෙනකොට තලේමන්නාරම මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.

